2022.07.22 දිනැති අංක 2289/43 දරන ඇති විශේෂ  ගැසට් පත්‍රය අනුව අමාත්‍යාංශයට පවරා ඇති රාජකාරි හා කාර්යයන් :

 

විෂයපථය

පර්යේෂණාත්මක විධි ක්‍රමයන් නව තාක්ෂණික මෙවලම් හා ප්‍රශස්ත භූමිය උපයෝජනය හරහා අගය එකතු කරන ලද නිෂ්පාදන විවිධාංගීකරණයක් තුළින් අපනයන වෙළඳපළ ආකර්ශනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් සමස්ත වැවිලි ක්ෂේත්‍රය නව මානයක් වෙත යොමු කිරීම.

කාර්යයන් හා කර්තව්‍යයන්

 1. රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා වැවිලි කර්මාන්ත විෂයයට සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම

2. අමාත්‍යාංශ විෂය පථයට අයත්වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබාදීම

3. නාස්තිය හා දූෂණය පිටු දකිමින් අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කිරීම සහතික කිරීමට ඉවහල් වන ආකාරයට නවීන කලමනාකරණ ක්‍රම හා තාක්ෂණය යොදා ගනිමින් සියලු ක්‍රම සහ විධි ප්‍රතිසංස්කරණය කිරිම

4. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඵලදායීතාවය සදහා අන්තර්ජාතික තරඟකාරිත්වය ඉහළ නැංවීම

5. ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කරගත් වැවිලි බෝග මත පදනම් වූ අගය එකතු කළ නිෂ්පාදන සම්බන්ධ කර්මාන්ත නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම

6. තේ, රබර් කර්මාන්ත සංවර්ධනය, ප්‍රවර්ධනය සහ පර්යේෂණයන්ට අදාළ කටයුතු

7. තේ, රබර් හා පොල් වතු කැබලි කර ජනාවාස ඉදිකිරීම උපරිම වශයෙන් සීමා කිරීම

8. වැවිලි භෝග කර්මාන්ත සඳහා නව තාක්ෂණය භාවිතා කිරීම වැඩි කිරීම

9. කුඩා හා මධ්‍ය පරිමාණ රබර් වතු හිමියන් දිරිගැන්වීම තුළින් රබර් නිෂ්පාදන කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සුලබ කිරීම

10. තේ හා රබර් සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම

11. ග්‍රාමීය තේ වගාව ප්‍රවර්ධනය හා කුඩා තේ වතු හිමියන් දිරිගැන්වීම

12. තේ අපනයනය සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම

13. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සහයෝගීත්වයෙන් ශ්‍රී ලංකා තේ (Ceylon Tea)සඳහා ජාත්‍යන්තර තේ වෙළඳපොල පුළුල් කිරීම

14. රාජ්‍ය හා පෞද්ගලික වැවිලි සමාගම් සතු ඉඩම්ද ඇතුලත්ව ආශ්‍රිත භෝග වගා කටයුතු වර්ධනය කිරීම

15. දේශීය හා විදේශීය වෙළඳපොල ඉලක්ක කරගත් රබර් ආශ්‍රිත නිෂ්පාදන දිරිගැන්වීම

16. වතු අංශයේ ඉඩම් ක්‍රමවත් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම

17. තේ, රබර් හා පොල් වතු කැබලි කිරීම සම්බන්ධව බලපත්‍ර නිකුත් කිරීම සහ පාලනය කිරීම

18. කුඩා වැවිලි භෝග වගාකරුවන් දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙල්‍ය ක්‍රියාත්මක කිරීම

19. පර්යේෂණ ආයතනයන් හා ඒකාබද්ධව වැඩි අස්වනු සහිත ප්‍රභේද ගොවියන් වෙත හඳුන්වා දීමට ක්‍රියා කිරීම

20. නවීන තාක්ෂණයද භාවිතා කරමින් දේශීය නිෂ්පාදනවල අගය එකතු කිරීම තුළින්, ඉහල වටිනාකමකින් යුත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම, අපනයන වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම

21. සුළු වැවිලි භෝග කර්මාන්ත සුරක්ෂිතභාවය ඇති කරමින් කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයින් ගෝලීය ආර්ථිකය වෙත යොමු කිරීම සඳහා පියවර ගැනීම

22. කුඩා වැවිලි බෝග වගා කටයුතු සඳහා ගුණාත්මක භාවයෙන් යුත් බීජ හා පැල ලබාදීම මගින් ඵලදාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සානුබල සහ අනෙකුත් පහසුකම් සැලසීම

23. අගය එකතු කළ නිෂ්පාදනය ද ඇතුලුව තිරසර සම්පත් භාවිතය සහ ජෛව ආරක්ෂණය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම

24. කුරුඳු, ගම්මිරිස්, වැනි දේශීය බෝග වර්ග ප්‍රති අපනයනය වෙනුවට ශ්‍රී ලංකා සන්නාමය සහිතව අපනයන වෙළඳපළ සඳහා දියුණු කිරීම

25. වසා දමා ඇති සීනි කර්මාන්ත ශාලා ආරම්භ කිරීම

26. උක් වගාව සඳහා අවශ්‍ය ජලය අරපිරිමැස්මෙන් භාවිතය සඳහා තාක්ෂණය මුසු වූ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම

27. කුඩා වැවිලි භෝග සඳහා අපනයන ගම්මාන පිහිටුවීම

28. පොල්, කිතුල් හා තල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය, ප්‍රවර්ධනය සහ ඊට අදාළ පර්යේෂණයන්ට අදාළ කටයුතු

29. දේශීය පොල් ඉල්ලුම සපුරාලීමටත් පොල්, තැඹිලි, කුරුම්බා ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන අපනයනය සඳහාත් ක්‍රමෝපායන් සැකසීම

30. බහුබෝග වගාවන් සහ සංගත ගොවිපල ක්‍රම තුළින් වැවිලි ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් ප්‍රයෝජනයට ගැනීම සහ එමගින් නිෂ්පාදනය හා සේවා නියුක්තිය වැඩිකරලීම

31. භූගෝලීය සාධකද සැලකිල්ලට ගෙන අධි ඵලදාවක් සහිත පොල් පැල ප්‍රභේද හඳුන්වා දීම

32. දේශීය හා විදේශීය වෙළඳපල ඉලක්ක කරගනිමින්, නව තාක්ෂණයද මුසු වූ අගය එකතු කළ පොල්, කිතුල් හා තල් ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම

33. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතනයන්ට පැවරී ඇති අනෙකුත් සියලුම විෂයයන්ට අදාළ කටයුතු

34. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනයන් අධීක්ෂණය කිරීම