අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් බවට පත්කරමින්,
සංස්ථා දේශීය කුළුබඩු පිරිසිඳුව හා සහනදායී මිලකට පාරි⁣භෝගික ජනතාවට ලබා ගත හැකිවන ලෙස "කුළු බඩු මන්දිරය" 2021.08.16 වන දින නො 74, කඩුවෙල පාර, බත්තරමුල්ල යන ස්ථානයේදී ජනතාව උදෙසා විවෘත කරන ලදී.
දේශිය කුළුබඩු නිෂ්පාදකයින් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පාරි⁣භෝගික ජනතාවට සහනදායී මිලකට උසස් තත්ත්වයේ භාණ්ඩ සැපයීම මෙහි මූලික අරමුණයි.

මෙම අවස්ථාවට ගරු වැවිලි අමාත්‍යතුමන් සමඟ ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා  අපනයන ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමා, අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුලු සීමිත පිරිසක් සහභාගීවිය.