අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් බවට පත්කරමින් දේශිය නිෂ්පාදන තුලින් ආර්ථිකය ගොඩනැගීමේ පියවරක් ලෙස,
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි නිෂ්පාදන කර්මාන්තශාලාව නවීකරණය කොට මෙම වසරේ පළමු උක් ඇඹරීමේ මංගල්‍යය 2021.02.18වන දින පැවැත්විණි.

මෙම කර්මාන්තශාලාව පසුගිය සමයේ පාඩු ලබන ආයතනයක් බවට පත්ව, පුද්ගලික අංශයට විකිණීම සඳහාද නම් කර තිබූ අතර, 2011 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් රජයට පවරාගන්නා ලදී. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ  නායකත්වය යටතේ වසරක කාලය තුල ලාභ උපයන ආයතනයක් බවට පත් කර සේවකයින් 5000කට පමණ රැකියා අවස්ථා හිමි කර දෙමින් උක් ගොවීන් දසදහසක පමණ පිරිසක ආර්ථිකය සවිබලගන්වමින් ජාතික ආර්ථිකයට මහත් දායකත්වයක් ලබා දෙනු ලබන ආයතනයක් බවට පත් කරන ලදී.

නවීකරණය කරන ලද මෙම කර්මාන්තශාලාවේ බුද්ධ මන්දිරය, වාහන සේවා මධ්‍යස්ථානය විවෘත කල අතර, මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය විජිත බේරගොඩ මැතිතුමා, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මැතිතුමා, සීනි සමාගමේ සභාපතිතුමා, සේවක සේවිකාවන් හා අමාත්‍යංශ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.