අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් "පොල් කර්මාන්තයට නවෝදයක්" යන තේමාව යටතේ කොහු ලණු කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් හට රුපියල් මිලියන 12ක් වටිනා විද්‍යුත් ලණු ඇඹරීමේ යන්ත්‍ර 1000ක් ලබා දීමේ තෙවන වැඩසටහන ලෙස බලපිටිය ප්‍රදේශයේ කර්මාන්තකරුවන්ට ලණු ඇඹරීමේ යන්ත්‍ර ලබා දීම 2021.03.07 වන දින බලපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


වැවිලි අමාත්‍යංශය, පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, කප්රුක් අරමුදල හා එක්ව මෙම කටයුත්ත සිදුකරන ලද අතර,
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මැතිතුමා, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මැතිතුමා, ප්‍රදේශීය සභා සභාපතිතුමන්ලා ඇතුළු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.