වැවිලිකරුවන්ගේ පහසුව උදෙසා ආයතනික කටයුතු විධිමත් කිරීමත් වැවිලිකරුවන්ගේ සියලූම අවශ්‍යතාවයන් එකම වහලක් යට පහසුවෙන් සිදුකරගැනීම වෙනුවෙන් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කාර්‍යාල ජාලයේ පලමු ආදර්ශ කාර්‍යාලය 2022.11.01 දින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ  මැතිතුමාගේ සහ තාක්ෂණ රාජ්‍ය  අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.


වැවිලි රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුන පා සිටියත්, ජනතාවගේ සුභසිද්ධිය හා පහසුව වෙනුවෙන් තම අමාත්‍යාංශයට අයත් ආයතන හරහා ජනතාවට ලබා දිය හැකි උපරීම සහන හා සේවාවන් සිදුකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා සමඟ එක්ව කල හැකි සියලුම ක්‍රියාවන් ක්‍රියාත්මක කරන බවත් , ප්‍රතිපත්තී පදනම් කරගත් අත්‍යවශ්‍ය තීරණ කඩිනමින් ගන්නා බවත්ය. තවද වැවිලි අමාත්‍යාංශය හරහා තවත් ආයතන මට්ටමින් ආරම්භ කල හැකි මෙවැනි 'One Stop Shop' ජාලය රට පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බවය. ඒ තුලින් ජනතාවගේ වැඩකටයුතු පහසු වීමත් රස්තියාදුව අවම වන බව අමාත්‍යතුමා අවධාරණය කලහ.


වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිදුන්ගේ පූර්ණ මෙහෙයවීමෙන් හා එවකට සිටි වැවිලි රාජ්‍ය අමාත්‍ය ගරු කනක හෙරත් මැතිතුමාගේ යෝජනාවකට අනුව මීට වසරකට ඉහතදී මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් සඳහා වියදම් කල ඇති මුදල රුපියල් මිලියන 50කි.


ඒ සමඟ මෙහිදී කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මඟින් කුඩා තේවතු හිමියන් හට ලබාදෙන උපකරණ කට්ටල බෙදාදීම සංකේතාත්මකව අමාත්‍යතුමාගේ අතින් සිදු කෙරිණි.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිතිතුමා ඇතුලු නිළධාරීන් හා ප්‍රතිලාභීන් රැසක් එක්ව සිටියහ.