2021 වසරේදී වැවිලි ආශ්‍රිත බෝග අපනයනය ආදය‌ෙමන් ඩො.මි. 3.8 ක මුදලක්. තේ අපනයනයෙන්  ඩොලර් මිලියන 1.3 ක මුදලක්.

ගුණාත්මක තේ දඵ නෙලීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව තේ කර්මාන්තයේ නිරතවූවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාරම්භක හමුවක් ගරු වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.08.31දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී  පැවත්විණි.

මෙය සංවිධානය කිරීම සිදුකෙරුණේ ශ්‍රි ලංකා තේ මණ්ඩලය ,තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ඒකාබද්ධවයි.

" මෙරට තේ කර්මාන්තය තුළ මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලම අර්බුධය ලෙස පොහොර සම්බන්ධ ගැටලුව පෙන්වා දිය හැකි බවත් ඒ අනුව සිලෝන් තේ නාමයට විය හැකි හානිය පිලිබදව පැහැදිලිව අවබෝධ කරගෙන ඇති බවත් ඉදිරි කාලය තුල එම ගැටළු කලමනාකරනය කරගනිමින් තේ වගාව ආශ්‍රිත කර්මාන්තය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට හැකිවෙන බවත් මෙහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දළු අස්වැන්න අඩුවීම මෙන්ම අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව අප නිෂ්පාදනය කරන තේ වල තිබෙන ගුණාත්මකභාවයේ විශාල අඩුව බවත් ඒ තත්වයන් ජයගැනීමට අප පසුගිය අවුරුදු දෙකේදී විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කල බවත් එහෙත් ඒවාටත් විවිධ අභියෝග එල්ල වු බවත් ඒ නිසා ගුණාත්මකභාවයෙන් ඉහල පැල වලට වටිනාකමක් ලබාදීම , නිසි පොහොර සැපයුම ,ශාඛ නඩත්තුව, පාංශු ඛාදනය වැළැක්වීම  හා ජල කලමනාකරනය පිළිබඳව අප වඩාත් අවධානය යොමු කල යුතු බවත් එමෙන්ම විධිමත් ලෙස දළු කැඩීම හා ප්‍රවාහනයද තේවල ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරගැනීමට ඉවහල් වෙන බවත් ගරු අමාත්‍යතුමා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ  ලේකම්තුමා ඇතුඵ ඒ ඒ ආයතනයන්හි සභාපතිවරුන් අධ්‍යක්ෂකකරුන් ඒ ඒ  ආයතනයන්හි ප්‍රාදේශීය මට්ටමේ නිළධාරින්ද එක්ව සිටියහ.