පොල් වගාකිරීමේ මණ්ඩලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පොල් වගාකිරීමේ මණ්ඩල පරිශ්‍රෙය්දී 2022.03.30 වන දින පැවැත්විණි.

හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ ආර්.ඩී.බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතු සමඟි පෙරමුණු රජය සමයේදී පොල් වගාකිරීමේ මණ්ඩලය පිහිටුවනු ලැබීය.ඒ සඳහා මූලිකත්වය ගනුලැබුවේ මෙරට පළමු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වූ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා විසිනි.

මෙහිදී පොල් වගාව තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් ප්‍රදේශයේ පොල් වගාකරුවන් සඳහා පොල් පැළ බෙදාදීමක් ද සිදුවිය.  

මෙම අවස්ථාවට වැවිලි අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තිස්ස හේවාවිතාණ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගීවිය.