අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාතලේ, උකුවෙල ප්‍රදේශයේ ඉදිකරන  ලද කුළුබඩු මන්දිරය හා නව තොරතුරු මධ්‍යස්ථානය, 2022.03.29 වන දින ජනතාව උදෙසා විවෘත කරන ලදී.  

මෙහිදී රන්වැලි යසස් ශ්‍රී නාමයෙන් යුතු නව එනසාල් ප්‍රභේදයක් හඳුන්වාදීම හා ප්‍රදේශයේ කුළුබඩු ආශ්‍රිත වගාකරුවන්ට සහනාධාර ප්‍රදානය කිරීමක්ද සිදුවිය.  

මෙම අවස්ථාවට ගරු වැවිලි අමාත්‍යතුමන් සමඟ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා,සුළු අපනයන බෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා, වැවිලි අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගීවිය.