මෙරට පොල් වගාව නගා සිටුවීමේ අරමුණ පෙරදැරිව, පුරන් කුඹුරු වී වගා කරමින් නැවත සක්‍රීය කිරීම මෙන්ම සෝජාන් ක්‍රමය මගින් පොල් හා තැඹිලි වගා කිරීමේ ව්‍යාපෘතියට අදාළව බලපිටිය, කොස්ගොඩ, කරිජ්ජපිටිය, වෙල්ලන්ගොඩ අමුණ ප්‍රදේශයේ වී වගා නොකර පුරන් කුඹුරු යායක සෝජාන් ක්‍රමය යටතේ පොල් සහ තැඹිලි වගා කිරීම 2022.03.28 වන දින ගරු වැවිලි අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පසුගිය වසරේදී පමණක් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 836 ක විදේශ විනිමයක් උපයා තිබෙන අතර ඉදිරි වසර පහක කාලය ඇතුළතදී පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය අපනයන කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් උපයා ගැනීම මෙහි මූලික අරමුණයි.

මෙම අවස්ථාවට ගරු වැවිලි අමාත්‍යතුමන් සමඟ අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තිස්ස හේවාවිතාන මහතා, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ අමාත්‍යාංශ  නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.