වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ මැලේෂියානු මහ කොමසාරිස් අතිගරු  ටැන් යැං තායි (H.E.) Tan Yong Thai මහත්වරුන් අතර හමුවක් ඊයේ 2022.03.22 වන දින අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

Covid-19 වසංගතයෙන් පසුව උදාවී ඇති වත්මන් කාලපරිච්ඡේදය තුළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ලොව ආකර්ෂණීයම සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට ඉදිරියේදී තව තවත් මැලේසියානු සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් කිරීම සහ මැලේසියානු ආයෝජකයන්ට මෙරටට පැමිණ ආයෝජන කටයුතු සිදුකිරීමට හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය.

මෙම අවස්ථාවට මැලේෂියානු  දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කයිරි ෂාදිලා මහත්මිය හා වැවිලි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාද සහභාගීවිය.