මෙරට තේ සහ පොල් වගාකර ඇති ඉඩම්වල නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන්  ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ කෘෂි වන වගා නියමු ව්‍යාපෘතිය පිළිබඳව හඳුන්වා දීමේ වැඩසටහන 2022.03.18 වන දින බත්තරමුල්ල, වෝටර් එජ් හොටල් පරිශුයේ දී සිදුකෙරිණි.

මෙම ආදර්ශ කෘෂි වන වගා නියමු ව්‍යාපෘතියට නෙදර්ලන්ත රජය මූල්‍යම ආධාර ලබාදෙන අතර පොල් පර්යේෂණායතනය, තේ පර්යේෂණායතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා නෙදර්ලන්තයේ වැගොනිගන් විශ්ව විද්‍යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී (නියෝජ්‍ය) Her Excellency M.S. Anouk Baron , නෙදර්ලන්ත රජයේ කෘෂිකර්ම උපදේශක Mr.Michelin van Erkel, ව්‍යාපෘති කළමනාකරු Mrs. Maaike Snel, වැවිලි අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා, පොල් පර්යේෂණායතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුලු කුරුණෑගල සහ මස්කෙළිය වැවිලි සමාගම්හි ප්‍රධානීන්ද සහභාගීවිය.