වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු ඒරික් ලැවටු (EH. Eric Lavertu) මහත්වරුන් අතර හමුවක් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපාය II අදියරේ වැවිලි අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.


නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙරට කුඩා රබර් වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මෙම ව්‍යාපෘතිය sutti ලෙස නම් කර ඇති අතර දැනට මෙවැනි ව්‍යාපෘතියක් ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන බවද මෙහිදී ප්‍රංශ තනාපතිවරයා විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
ඒ අනුව පළමුව මොනරාගල ප්‍රදේශයේ කුඩා රබර් වතු හිමියන් 6000 දෙනෙකු සඳහා  රබර් වගාවට නවීන තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව පුහුණුව ලබාදීමට නියමිතය. ඒ සඳහා මිචිලිං ශ්‍රී ලංකා (Michelin Sri lanka) ආයතනයේ සහයෝගය ලබාගැනීමටද නියමිතය.
ප්‍රංශයේ ආර්ථික අමාත්‍යංශය මූල්‍ය හා තාක්ෂණික ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වැවිලි අමාත්‍යංශය හා ප්‍රංශයේ ksapa සමඟම අතර ඉදිරියේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.
වැවිලි අමාත්‍යංශයේ ලේකම් සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.