අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් මෙරට තේ වගාව නගා සිටුවීමට අවශ්‍ය ගුණාත්මක බවින් ඉහල තේ පැල, වැවිලිකරුවන් වෙත සැපයීම අරමුණු කොට ගෙන ඒ සඳහා අවශ්‍ය තේ පැල මිලියන 25ක විශේෂ ව්‍යාපෘතියේ ගාල්ල දිස්ත්‍රික් තවාන්කරුවන් වෙත ආධාර ලබා දීමේ තවත් අදියරක් 2021.07.14 වන දින  කරාපිටිය ප්‍රදේශයේදී පැවැත්විණි.

මීට මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලද මෙම තවාන් ව්‍යාපෘතියේ පළමු පැල තොගය රජය විසින් මිලදී ගෙන කුඩා තේ වතු හිමියන් වෙත ලබා දීමක්ද මෙහිදී සිදුවිය.
වැවිලි අමාත්‍යංශයට අයත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම මත මෙම කර්තව්‍යය ආරම්භ කල අතර, මෙහිදී තවාන්කරුවන් සඳහා චෙක් පත් හා වතුර මෝටර බෙදා දීමද සිදුවිය.
මෙම අවස්ථාවට ගරු වැවිලි අමාත්‍යතුමන් සමඟ සමාගම් වතු ප්‍රතිසංස්කරණ ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා, කුඩා තේවතු සංවර්ධනය අධිකාරියේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා හා  නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.