අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් මෙරට තේ වගාව නගා සිටුවීමේ අරමුණ පෙදැරිව, කාබනික පොහොර තේ වගාවට යෙදීම ආරම්භ කිරීම සඳහා වැවිලිකරුවන් හට කාබනික පොහොර ගෙවත්තෙන්ම නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වලහන්දූව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ආරම්භ කරන ලද කාබනික පොහොරෙ නිෂ්පාදනාගාරය ගරු වැවිලි අමාත්‍යතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

තවද ගාල්ල දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන් සඳහා අවශ්‍ය T 65 පැල පෝර ලබා දීමක්ද මෙහිදී සිදුවිය.‍
වැවිලි අමාත්‍යංශයට අයත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේ මෙම කටයුත්ත සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමන් සමඟ සමාගම් වතු ප්‍රතිසංස්කරණ ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා, කුඩා තේවතු සංවර්ධනය අධිකාරියේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා, හා  නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.