අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්තයක් බවට පත් කරමින්
ශ්‍රී ලංකාවේ සීනි අවශ්‍යතාවය සපුරාලීම උදෙසා පැල්වත්ත සීනි සමාගමේ නව පාලන අධිකාරිය විසින් අපේක්ෂිත උක් අස්වැන්න වැඩි කර ගැනීමේ අරමුණින් වසර විස්සකට පසු ඔක්කම්පිටිය, මාලිගාවිල, ඉලුක්පිටිය, හැබැස්ස හා ගොමදියවල යන ප්‍රදේශයන්හි අක්කර 10,000 කට අධික භූමි ප්‍රමාණයක උක් සිටුවීම පසුගිය වසරේ ඔක්තෝබර් 14 වන දින ගොමදියවල ප්‍රදේශයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට ගරු වැවිලි අමාත්‍යතුමා සමඟ කුඩා වැවිලි බෝග හා අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාත්, කෘෂිකර්ම හා කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමාත් ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුද, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා ලංකා සීනි සමාගමේ නිලධාරීන්ද සහභාගී විය.