පොල් වගාවන් තුළ සුදු මැස්සාගේ හානිය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. පත්‍ර කහ පැහැ වී යටි පැත්තේ සුදු පැහැති සුහුඹුලන් දක්නට ඇත්නම් සබන් කුඩු ග්‍රෑම් 100 ක් සමග කොහොඹ තෙල් මිලි ලීටර් 200 ක් වතුර ලීටර 20 ක දියකර කොළ අතු තෙමෙන සේ ඉසින්න. විමසීම් 1928, 1920 පොල් වගා කිරීමේ මණ්ඩලයේ හා පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයකි.